නවවැනි පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

August 24, 2020

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ.

එළඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී මෙම වැඩමුළුම පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු සැලසුම් කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උදෙසා පාර්ලිමේන්තු‍වේ කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කොට ඇති මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඊට සහභාගී වීමට නියමිත ය.

මෙම වැඩමුළුව සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරයන්ට ආරාධනා කරන බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.

t

o

p