අනුරපුර පුදබිමේ අසරණ සතුන් වෙනුවෙන් කතාබහක්!

August 12, 2020

විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික අපදා තත්වයන් හමුවේ අනුරාධපුර පූජා නගරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛාදී සතුන් මුහුණ දෙන ජීවිත තර්ජන ඇතුළු අනේක විධ තාඩන පීඩන, දුක් ගැහැට පිටුදැකීම පිණිස පිහිටුවා ගනු ලබන “අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ” සමාරම්භක රැස්වීම 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා පෙරවරු 10.00ට අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී පැවැත්වේ.

මෙම වැඩසටහන සඳහා ‘සත්ව හිංසනය තුරන් කළ නොහැකි ද?’ යන මාතෘකාව ඔස්සේ ‘අහිංසා ශ්‍රී ලංකා’සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානයේ අධ්‍යක්‍ෂ (නෛතික කටයුතු) නීතිඥ, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා විසින් පවත්වනු ලබන කෙටි දෙසුමක්  එක් කොට ඇත.

”මේ මිහිතලය මිනිසුන්ගේත් සතුන් ගේත් පොදු උරුමයක්”ය යන ස්වභාවික යුක්ති ධර්මය පිළිගන්නා සහ එම යථාර්තය මුල් කොට යම් කැපවීමක් කිරීමට කැමති සැමට මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා කාරුණිකව ඇරයුම් කරන බව සංවිධයකයෝ දන්වති.

t

o

p