කොරෝනා නොතකා ඡන්දය දැමීමට පැමිණි සියලුදෙනාට ස්තුතියි

August 6, 2020

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඇති කාල සීමාවක් තුළ වුවද සැළකිය යුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සතුටට කරුණක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර දී සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය අංශවලට ද තමන් ස්තුතිවන්ත වන බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

t

o

p