ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් 225 ක් තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ වුණා.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් හත්දහස් හාරසිය පනස් දෙදෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිනවා.
ඡන්දය භාවිත කිරීම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් නවසිය අසූපහක් ස්ථාපිත කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.