නවින තාක්ෂණය භාවිතා කරමින් කෘෂි කර්මාන්ත දියුණු කර නිෂ්පාදන අළෙවියට වෙළඳ ජාලයක් ඇති කරන බවත් පැවසු එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපනයන වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් කෘෂි නිෂ්පාදන වැඩි කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහතා ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය හා එහි සංකේතය වන අලියා ලකුණ වෙනස් කිරිමට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවත් එයත්, රටත් ආරක්ෂා කර ගනිමින් ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට මුදල් ලැබෙන යුගයක් බිහිකිරිම සදහා අගෝස්තු 05 වෙනිදා එ.ජා.ප. ය ජයග්‍රහණය කරවන්න යැයි වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මහා මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා අම්පාර දයා ඇපරල් ශාලාවේ පැවති ජන හමුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.
අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා අනෝමා ගමගේ මහත්මිය විසින් සංවිධානයකර තිබු මෙම ජනහමුවට හිටපු ඇමති කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂක දයා ගමගේ මහතා සහ අම්පාර දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂකයින් රැසක් සහභාගිව සිටියහ.
මෙම රැස්විමට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අඩ්ඩාලච්චේන සහ මඩකලපුව යන ප්‍රදේශ වලද ජනහමු පැවැත්විණි.
අම්පාර පැවති ජන හමුව අමතා තවදුටත් අදහස් දැක්වු වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අද මේ රටේ තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. පාරිභෝගිකයා ගෙවන මිළ වැඩිවෙනවා. ගොවියාට ගෙවන මිළ අඩුවෙනවා. මෙවැනි පුදුම සහගත ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්තේ පොහොට්ටුවට පමණයි.
පාරිභෝගිකයා ගෙවන මිළ වැඩිවෙනවා නම් ගොවියාට ගෙවන මිළත් වැඩි විය යුතුයි. පාරිභෝගිකයා ගෙවන මිළ අඩුවුනොත් පමණයි ගොවියාට ගෙවන මිළ අඩුවිය යුත්තේ. නමුත් එහි අනෙක් පැත්ත සිදුවන්නේ එහෙම නම් කව්ද මැදින් තට්ටු කරන්නේ කියා අප බැලිය යුතුයි.
ඉන්ධන වලට තට්ටු කරන්නේ ආණ්ඩුව කියා අපි දන්නවා. තෙල් මිළ අඩුවුනාට පාරිභෝගිකයන් ගෙවන්නේ වැඩි මිළක්. නමුත් එළවළු ඇතුළු අනෙකුත් නිෂ්පාද වලට ගොවියාට අඩු මිළක් ගෙවනවා.
අපි රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. මේ රට සහල්, මස්, බිත්තර, මාළු, එළවළු, පළතුරු වැනි ආහාර වලින් ස්වයංපෝෂිතයි. ආණ්ඩුව තාම ඒ බව වත් දන්නේ නැහැ.
ආහාර වලින් ස්වයංපෝෂිතව පවතින අවස්ථාවක නිෂ්පාදනය තවත් වැඩි කලොත් ඒ ආහාර ද්‍රව්‍ය විකුණාගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා. සහල් නිෂ්පාදනය වැඩි කළොත් මෝල් හිමියන්ට වාසියක් ලැබෙනවා. නමුත් ගොවියාට ඒ වාසිය ලැබෙන්නේ නැහැ. ඔවුන්ට අඩු මිළක් ලැබෙනවා. පළතුරු ඇතුළු අනෙකුත් ආහාර ඳා්රව්ය වැඩිපුර නිෂ්පාදනය කළත් ගොවියාට සාධාරණ මිළක් ලැබෙන්නේ නැහැ.
රටේ ආහාර ප්‍රමාණය හා නිෂ්පාදනය ගැනවත් නොදැන පොහොට්ටුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගොවි ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව තිබෙනවා.
අද මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න වලට විසදුම් නැහැ. ඒවාට මුහුණදිමට හැකියාවක්ද නැහැ. කටට එන ලෙස ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොව ඇඟලුම් කර්මාන්තය බරපතල අර්බූදයකට මුහුණපා තිබෙනවා. ලොව සැම රටකම ඇණවුම් අළෙවිය අඩුවි තිබෙනවා. අද අපි මේ රැස්විම පවත්වන ඇඟලුම් කර්මාන්ත ශාලාවට ඇණවුම් යම් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ වනවිට බොහෝ ඇඟලුම් කර්මාන්ත වසා දමා තිබෙනවා. එම කර්මාන්ත ශාලා නැවත විවෘත කරන්නවත් නොහැකි තත්ත්වයක් ඇති වි තිබෙනවා. යුරෝපයට ඇඟලුම් සැපයු අයද අද ප්‍රශ්න රැසකට මැදිව සිටින බව කිව යුතුයි.
මෙවැනි පසුබිමක ආණ්ඩුව කුමක්ද කරන්නේ? රැකියා අහිමි වු අයට උදව් කරනවාද? කර්මාන්ත ශාලා යළි පන ගන්වන්න උදව් කරනවාද? ඒ කිසිවක් කරන්නේ නැහැ.
අද මේ රටේ සංචාරක කර්මාන්තයත් කඩාවැටි තිබෙනවා. දිනපතා හෝටල් වැසෙමින් තිබෙනවා. මේවා නැවත නඟා සිටුවා ව්‍යාපාර ආරම්භ කිරිමට 4% ට ණය ලබාදෙන බවට ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් ගෙනගියා. නමුත් ඒ ණය ලැබුණ කෙනෙත් සොයාගන්න නැහැ. කාටවත් ණය ලැබිලා නැහැ. රටේ ජනතාව බොරුවෙන් මුලා කිරිම ආණ්ඩුව දැන්වත් නැවැත් විය යුතුයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට අද අපට මුහුණ දිමට සිදුව තිබෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලොව වෙනත් රට වලට සැලසුම් තිබෙනවා. කොරොනා වෛරස ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සදහා ඕස්ට්‍රේලියාවේ සෑම පවුලකටම එරට රජය ඩොලර් 3000 බැගින් ලබාදුන්නා. ඇමරිකාවේ සේවක වැටුප් ගෙවිමට අපහසු සමාගම් වලට රජයෙන් උදව් ලබා දෙනවා. එංගලන්තයෙන් මාස තුනකට මුදල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ලංකාවේ එක සතයක් දි තිබෙනවාද? අද අපිත් බංකොලොත්. ආණ්ඩුවත් බංකොලොත්. මුදල් සොයාගන්නේ කොහොමද කියන එකවත් මේ ආණ්ඩුව දන්නේ නැහැ.
අද මේ රටේ ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. දැන් ගොවිතැනත් වට්ටන්න හදනවා. මේ නිසා මේ සියලු අභියෝග ජයගත හැකි සැලැස්මක් මෙවර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න ජනතාවගේ අතට මුදල් දිය යුතුයි. ඒ මුදල් වියදම් කළාම වෙළඳාම දියුණු වෙනවා. වෙළඳාම දියණු වුණාම ආර්ථිකය දියුණු වෙනවා.
මේ වනවිට රටේ අපනයන කර්මාන්තය කඩාවැටී තිබෙනවා. මේ නිසා ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 7000 අහිමි වි තිබෙනවා. මෙම මුදල් අහිමි වුණාම රුපියලේ අගය පහත වැටී උද්ධමනය වැඩිවෙනවා. මේ ප්‍රශ්න කිසිවකටත් ආණ්ඩුවට විසදුම් නැහැ.
1977 වසරේ මේ රටේ විශාල පරිවර්ථනයක් ඇතිවුණා. රටට මුදල් ලැබුණා. නැවත ඒ තත්ත්වයට අප ගමන්කළ යුතුව තිබෙනවා. ඒ අනුව අපි 2001, 2015, 2019 සිදුකළා මෙන් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලට හා අපට සම්බන්ධ රට වලින් ආධාර උපකාර ලබා ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. එලෙස ආධාර උපකාර ලබාගෙන නැවත මේ රට ගොඩ ගැනිමේ වැඩ කටයුතු අප ආරම්භ කරනවා.
මේ අනුව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් හා වෙනත් මාර්ග වලින් ඩොලර් මිලියන 6000 ක් ලබාගැනිමට අප සැලසුම් කර තිබෙනවා. එමගින් ලංකාවේ රුපියල ශක්තිමත් වෙනවා. එපමණක් නොවෙයි එමගින් අපේ ඉදිරි පියවර ක්‍රියාත්මක කළ හැකියි. කොරෝනා නිසා රැකියා අහිමි වන සෑම අයෙකුටම රුපියල් 10000 ක දිමනාවක් අප ලබාදෙනවා. ඒ සදහා මාසිකව රුපියල් මිලියන 10000 ක් පමණ වැය වනු ඇතැයි අප විශ්වාස කරනවා.
එපමණක් නොවෙයි මෙම මුදල් ලබාගැනිමෙන් පසු සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත ශාලා යළි පණ ගැන්විමට උදව් උපකාර කිරිමට අප සැලසුම් කර තිබෙනවා. වෙළඳ පොල ආරක්ෂා කර ගැනිම සදහා අප උදව් කළයුතුයි. අපනයන වෙළඳ පොල ආරක්ෂා කර ගත යුතුයි.
අද මේ රටේ කෘෂි නිෂ්පාදන අළෙවි කිරිමට නිසි වැඩ පිළිවෙලක් නැහැ. ඒ සදහා වෙළඳ ජාලයක් නැහැ. කෘෂි නිෂ්පාදන මිළදී ගත් තැන සිට පාරීභෝගිකයා දක්වා ආරක්ෂා කර ගැනිමේ වැඩ පිළිවෙලක් නැහැ. මෙ නිසා නිෂ්පාදන බොහෝමයක් තැලි විනාශ වෙනවා. බොහෝමයක් කුණු වෙනවා. මේ නිසා අප ප්‍රථමයෙන් කළ යුත්තේ කෘෂි නිෂ්පාදන අළෙවි ජාලය දියුණු කිරිමයි.
මෙරට කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරිම සදහා ශීතාගාර දඹුල්ලේ හා අනුරාධපුරේ අපි ආරම්භ කළා. මේ ශිතාගාර රට වටේ ආරම්භ කළයුතුයි. එවැනි වැඩ පිළිවෙලක් තුලින් ගොවි ජනතාවට තමන්ගේ බෝග ආරක්ෂා කර වෙළඳ පොලට ගෙන ඒමේ අවස්ථාව උදාවෙනවා.
අප ආරම්භ කරන ශිතාගාරයේ සිට වෙළඳ පොල දක්වා ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන පහසුවෙන් ගෙනයා හැකි ක්‍රමවේදයක් අප සකස් කරනවා. ඒ නිෂ්පාදන තැලී පොඩිවී විනාශ වෙන්න නොදි ඒවා ආරක්ෂිතව වෙළඳූ පොල කරා ගෙනයැමේ ක්‍රමයක් අප ඇති කරනවා. ඒ වගේම ගොවි ජනතාව සූරා කැමට අප ඉඩ තබන්නේ නැහැ. දහදිය මහන්සියෙන් නිෂ්පාදනය කරන තම නිෂ්පාදන වලට ඉහළ මිළක් ලබා ගැනිමට හැකි ක්‍රමයක් අප ඇති කර දෙනවා.
2050 වන විට ඉන්දියන් සාගරය වටේම ජනගහණය මිලියන 500 කින් වැඩිවෙනවා. එය යුරෝපයේ ජනගහණයට සමානයි. ඒ ජනගහණය වැඩිවන ප්‍රමාණයට අනුව ආහාර නිෂ්පාදනය කළ යුතුයි. ඒ සදහා තාක්ෂණ දැණුම අවශ්‍යයි. ඒ සදහා ආධාර, අළෙවිය ලබාදිම අවශ්‍යයි. එම කටයුතු සියල්ලම ලබාදි ඉදිරියට යෑම අපේ අරමුණ බව කිව යුතුයි.
ගොවි ජනතාවට තම එළවළු, පළතුරු වැනි නිෂ්පාදන ආරක්ෂිතව වෙළඳ පොළ වෙත ගෙන ඒමට අවශ්‍ය ප්ලාස්ටික් පෙට්ටි හා අනෙකුත් අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදිමට අප සැලසුම් කර තිබෙනවා. එමෙන්ම එම නිෂ්පාදන වලට ඉහළ මිළක් ලබාගත හැකි ක්‍රමවේදයක් අප ඇති කරනවා.
අපනයන වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් අපේ නිෂ්පාදන වැඩිකළ යුතුයි. ඉන්දියන් සාගර කලාපය අවට වැඩි වන ජනගහණයට අනුව අපේ ආහාර නිෂ්පාදනය වැඩි කිරිමේ දි ඊට අවශ්‍ය තාක්ෂණ දැණුම අපට තිබිය යුතුයි. ඒ දැණුම, ආධාර හා වෙළඳ පොල අප ලබාදෙනවා.
එමෙන්ම කුඩා වනාන්තර වැඩ සටහනක් ආරම්භ කිරිමට අප සැලසුම් කර තිබෙනවා. අක්කර බාගයේ සිට අක්කර 25 දක්වා වන වගා කරන අයට රජය ආධාර උපකාර ලබාදෙනවා. එපමණක් නොවෙයි වැව් අමුණු, ඇළ දොළ සුද්ධ කිරිම සදහා ද මුදල් ලබා දෙනවා. මේ වසර තුලදි ආදායම් වැඩිකර ගැනිමේ ක්‍රමවේදයක් සැකසිම අපේ අරමුණ වි තිබෙනවා.
එවැනි පැහැදිලි වැඩ සටහනක් හා සැලැසුමක් ඇතිවයි අද අප ඔබ හමුවට පැමිණ තිබෙන්නේ. ඒ අනුව ගොවි මහතුන් ආරක්ෂා කර ඔවුන්ට දියුණුවේ ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිම අපේ අරමුණයි. එවැනි සැලසුමක් සමග මිස වචන වැලක් රැගෙන මම ඔබ හමුවට එන්නේ නැහැ. අපට කළ හැකි දේ ඔබට කියනවා. මා කිසිදාක බොරු පොරොන්දු ලබාදි නැහැ. එලෙස බොරු පොරොන්දු දෙන්න බලාපොරොත්තුවක් මා තුල නැහැ.
මුඛ ආවරණ මිලියන දහයක් පාසල් දරුවන්ට නොමලේ ලබාදිමට අප සැලසුම් කර තිබෙනවා. එය උසස් අධ්‍යාපනයේ නියුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ලබාදෙනවා. එම මුඛ ආවරණ මෙරට කර්මාන්ත ශාලා මගින් නිපදවා ගත හැකියි.
මේ අනුව වසරක් ඇතුලත අමාරුවෙන් රට ගොඩනගා පියවරෙන් පියවර දියුණුව කරා යැම අපේ අරමුණයි. එතෙක් ජනතාව ජිවත් කරවිය යුතුයි. අපට තිබෙන කර්මාන්ත ආරක්ෂා කර ගතයුතුයි. ඒවාට ආධාර උපකාර ලබාදිය යුතුයි. තිබෙන කෘෂි කර්මය තව තවත් දියුණු කළ යුතුයි. මේ කිසිවක් නැතිකර ගන්න හෝ කඩා වැටිමට හෝ ඉඩ දෙන්න බැහැ.
රට ගොඩනැගිම සදහා අප ඉදිරිපත් කර තිබෙන වැඩ පිළිවෙල ගැන සැකයක් තිබෙනවා නම් ඒ ගැන මගෙන් විමසන්න. එමෙන්ම මම බොරු කියනවා කියා හිතනවා නම් ඒ ගැනත් මගෙන් විමසන්න. මට කිසිදාක බොරු කියන්න අවශ්‍ය නැහැ.
මට අවශ්‍ය කෙටියෙන් අපේ වැඩ පිළිවෙල ඔබ හමුවේ තැබිමටයි. බඩගින්නේ සිටින ජනතාවට ජිවත්විමේ මාර්ගයක් ඇතිකර දිය යුතුයි. මෙවැනි රැස්විම් වලදි පැයක් මා කතා කරයි කියලා ඔබේ බඩගින්න නැති වෙන්නේ නැහැ. එය තවත් වැඩිවිය හැකියි.
ඩි.එස්. සේනානායක මැතිතුමා මේ ප්‍රදේශවල දියුණුවට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. එතුමා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරමින් එය ආරක්ෂා කළා. පක්ෂයේ සංකේතය ලෙස අලියා තෝරා ගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළා. ගල්ඔයයි එක්සත් ජාතික පක්ෂයයි එකට ගමන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය හෝ අලියා ලකුණ කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකියි.
අධිකරණයත් එය පිළගෙන තිබෙනවා. මේ පක්ෂය සාමාජිකයන්ට සිමාවි තිබෙනවා. අලියා ලකුණ නැති කරන්න ඉඩ දෙනවාද කියා පරම්පරාගත පාක්ෂිකයින් ගෙන් මා විමසා සිටිනවා. එසේ නම් ඔබ ආරක්ෂා කරන්නත්, රට ආරක්ෂා කරන්නත් අලියා ලකුණ ආරක්ෂා කළ යුතුයි.
ඒ නිසා අගෝස්තු 05 වැනිදා අලියා ලකුණ ඉදිරියේ කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස සියලු ජනතාව ගෙන් මා ඉල්ලා සිටින බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.