ධන කුවේරයෙක් මුතුරාජවෙල තෙත් බිම් දඩයමක!

June 16, 2020

මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් භූමිය විවිධ උපාය මාර්ග මගින් අත් පත් කරගනිමින් විවිධ ව්‍යාපෘති වල යෙදවීමට අපරටේ මුල් පෙළේ ධන කුවේරයකු දරන උත්සාහයක් නිසා එහි පාරිසරික පද්ධතියට සේම තම වාසභූමි වලට ද තර්ජනයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ජාඇල අවට මුතුරාජවෙල තෙත්බිම් ආශ්‍රිත ජනතාව මැසිවිලි නඟති.

මේ සම්බන්ධයෙන් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පසුගිය 14දා එවැනි උත්සාහයක් මුල්කොට ඉදිරිපත් වූ ජනතා ප්‍රශ්න කිරීම්වලදී ඒ සඳහා මුල් වන්නවුන් විවිධ චෝදනා මත පොලිස් අත් අඩංගුවට පත් කොට ඔවුන් පසුබට කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වූ බවකි.

එමෙන්ම මෙම තෙත්බිම් කලාපය ආශ්‍රිත පෞද්ගලික ඉඩම් සේම ඒවාට යාබද කඩොලාන පද්ධතීන් සහිත තෙත් බිම් ද මෙම අවදානමට ලක්ව ඇතැ‍යි ප්‍රදේශ වාසීහු කියති.එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසනුයේ මීට පෙර ද විවිධ තැරැව් කරුවන් ලවා මෙම තෙත් බිම් සංහාරයට මුල පුරා තිබූ අතර එහි දී ඔවුන් සිදු කළ නීති විරෝධී ක්‍රියාවන් මුල් කොට නීතිමය දඩුවම් පවා අත්විඳි බවකි.

මුතුරාජවෙල තෙත්බිම හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රිතව සිදුවන මෙම තෙත් බිම් සංහාරය නිසා ඉතා විශිෂ්ට සමුද්‍රාසන්න ජලජීවී පරිසර පද්ධතියක් මුළුමනින් වැනසී යන බව පවසන පරිසරවේදීහු එය මෙම ප්‍රදේශය කාන්තාරකරණයට ලක් වීම තෙක් වන බිහිසුණු පාරිසරික විපත් රැසකට මුල්වන බව ද පෙන්වා දෙති.

දමයන්ති ගමගේ

t

o

p