සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් සමග එ.ජා.ප ය සාකච්ඡා අරඹයි

June 11, 2020

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයන්  මැතිවරණයට ඉදිරිපත් වන හිටපු  ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා අරඹා තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උප නායක රවී කරුණානායක ජාතික සංවිධායක නවීන් දිසානායක හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන ,පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් මීට පෙර සාකච්ඡා වලට එක්වූ සමගි ජන බලවේගයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ දිනයේ දීත් සාකච්ඡා වටයක්  පැවැත්විය .

මහමැතිවරණය පැවැත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව එම හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමග අදහස් හුවමාරු කරගත් බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පැවසී ය .

මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන්  ඡන්දය ඉල්ලන හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්ෂය ඒ ඒ දිස්ත්‍රික්කවල දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ද  ඉදිරියේ දී පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

අංජුල මහික වීරරත්න

t

o

p