මහ මැතිවරණය අගෝස්තු 05 – ගැසට් නිවේදනය නිකුත් කරයි

June 10, 2020

මහ මැතිවරණය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. කොමිසමේ සාමාජිකයන් ඒකමතිකවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 2019 වසරේ සහතික කළ ඡන්ද හිමි නාම ලේඛනය යටතේ ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදි ලියාපදිංචි ඡන්ද දායකයන් එක්කෝටි හැට දෙලක්‍ෂ හැටතුන් දහස් අසූපස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. දෙලක්‍ෂ හැත්තෑ එක් දහස් හත්සිය අසූනව දෙනෙකුට මෙවර මහ මැතිවරණයේදී තම කුළුඳුල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වීම ද විශේෂත්වයක්.

t

o

p