නිරෝධායන මධ්‍යස්ථානත් ඡන්ද මධ්‍යස්ථාන වෙන ලකුණු

June 10, 2020

අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන බවට පත් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අමාත්‍යාංශය විසින් පසුගියදා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවේ 2.9 වගන්තිය ඔස්සේ ඊට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දී ඇත.

එම නිර්දේශයන්ට අනුව නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඇති පුද්ගලයන්ගේ ඡන්ද අයිතීන්ද තහවුරු කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට ලබා දී තිබේ.

t

o

p