ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

June 11, 2020

සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ත්‍රී රෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ (10) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී කිසියම් බහින් බස්විමක් සිදුවී ඇත.

t

o

p