එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ වසර සදහා නියෝජ්‍ය නායක ලෙස පත්වීම් ලබා දී නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි හෙළිව ඇත.
ජනාධිපතිවරණයෙන් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පක්ෂයේ තනතුරු වෙනුවෙන් වන පත්කිරිම් මාස තුනකට දීර්ඝ කිරිමට තීරණය කෙරුණු අතර ඒ අනුව සියළු පත් කිරිම් මාර්තු මස 31 දායින් අවසන් විය.
සජිත් ප්‍රේමදාසගේ නියෝජ්‍ය නායක පත්විම ද ඒ අනුව මාර්තු 31 දායින් අවසන් වී තිබේ. අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි අනෙක් කාලය අවසන් වූ සියලු තනතුරු වෙනුවෙන් පත් කිරිම් මෙම වසරේ දෙසැම්බර් 31 දා දක්වා දීර්ඝ කර ඇත.
පක්ෂයේ සභාපති, භාණ්ඩාගාරික තනතුරු වෙනුවෙන් පත් කිරිම් කර නැති අතර මහලේකම් ධූරය නායකයාගේ පත් කිරිමක් බැවින් එය අහෝසි වන්නේ නැත. ජාතික සංවිධායක, උපනායක තනතුරු වෙනුවෙන් කාලය දීර්ඝ කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.