ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

May 12, 2020

මෙවර නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා .

එමඟින් පුරෝකථනය කර ඇත්තේ ගංවතුර, නාය යාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවටයි.

වර්තමානයේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමඟ නිරිතදිග මෝසමත් සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන තත්ත්වය සමඟ, ජනතාව ඒකරාශී කර දැනුවත් කිරීමට ද නොහැකි වී තිබෙනවා.

මේ නිසා ඒ පිළිබදව අවධානය යොමු කොට කලින් සැලසුම් සකස් කිරීම සුදුසු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

t

o

p