රජයේ සේවකයන්ගේ පඩිය ඉල්ලු පී.බී. මැයි විශ්‍රාම වැටුපත් අරන්

May 10, 2020

තමන් ආදර්ශයට ගනිමින් මෙම මස රජයේ සේවකයන්ගේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබුණි.

කෙසේවෙතත් ආචාර්ය ජයසුන්දර මහතා බලාපොරොත්තු වූ තරම් සුභදායක ප්‍රතිචාරයක් ඊට නොලැබුණු අතර ඊට එරෙහිව විවේචන එල්ල වීමට පටන් ගැනුණි. එය තවදුරටත් සමාජ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාත්මකය. 

මේ අතර අපට දැනගන්නට ලැබුණේ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර මහතා මේ වන විට මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප ලබා ගෙන තිබෙන බවයි. 

t

o

p