වැටුප් කප්පාදුවකට ආණ්ඩුව සැරසෙයි

May 7, 2020

රාජ්‍ය සේකව හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල මෙන්ම බැංකු ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතනවලද සේවය කරන සියලු දෙනාගේ මැයි මාසයේ වැටුප නොගෙවා සිටීමේ වක්‍ර උපක්‍රමයක් ලෙස එය පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තාවල පල වේ.

එම වාර්තාවලට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැයවන බවය.

එනම් මාසයකට රුපියල් කෝටි 10,000කට ආසන්න මුදලක් වැය වන බව දක්වා ඇත.

එහෙත් මහ බැංකු වාර්තා අනුව පසුගිය 2019 වසරේදී රාජ්‍ය සේවක වැටුප් හා වේතන ගෙවීම වෙනුවෙන් දරා ඇත්තේ රුපියල් කෝටි 68,645ක වියදමක් ය.

මේ අනුව මාසයක වැටුප් හා වේතන වෙනුවෙන් වැය වී ඇත්තේ රුපියල් කෝටි 5,720ක් ය. එහෙත් ජනාධිපති ලේකම්වරයා ජනතාව නොමග යවමින් සඳහන් කර ඇත්තේ රුපියල් කෝටි 10,000ක වියදමක් මේ වෙනුවෙන් දරන බව ය.

මේ ආකාරයට වැරදි සංඛ්‍යාදත්ත බව දක්වමින් රාජ්‍ය සේවක වැටුප මැයි මාසය සඳහා නොගෙවා සිටීමට ප්‍රයත්න දරන්නේදැයි බලවත් සැකයක් මතුවී තිබේ.

t

o

p