ඔයා පක්ෂ නායකයෙක්දැයි මහින්ද දේශප්‍රිය සජිත්ගෙන් අසයි

April 23, 2020


මහමැතිවරණය ජුනි මස 20 දාට නියම කිරිමෙන් පසු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පක්ෂ මහලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්‍රිය මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව බැන වැදි ඇත.
මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මෙම හමුව පැවැති අතර එහිදි මෙම උණුසුම් තත්ත්වය උද්ගතව තිබේ.


මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් පක්ෂ ලේකම්වරු බොහෝ දෙනෙක් විමසා ඇත්තේ මැතිවරණයට දින නියම කළේ සෞඛ්‍ය බලධාරින්ගේ එකගතාවය මත ද යන්නයි. එම පැනයට අවස්ථා කිහිපයකදීම පිළිතුරු දුන් සභාපතිවරයා සෞඛ්‍ය බලධාරින් තවදුරටත් සෑහීමකට පත් නොවන්නේ නම් තවත් අවස්ථාවක් ඡන්දය කල් දැමීමේ හැකියාව තමන්ට පවතින බව ද කියා ඇත.


මෙසේ තිබියදි සජිත් ප්‍රේමදාස යළිත් විමසා ඇත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මතද මෙම දිනය නියම කළේ යන්නයි.


එහිදි කෝප වී ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම පැනයට තමන් අවස්ථා කිහිපයක දී පිළිතුරු දුන් බවත් ඔබ එය අසා සිටියේ නැතිද යන්නත් උස් හඩින් පිළිතුරු දී ඇත. ඊට ප්‍රතිඋත්තර දුන් සජිත් ප්‍රේමදාස කියා ඇත්තේ පක්ෂ නායකයෙකු ලෙස තමන්ට ඕනෑම ප්‍රශ්නයක් විමසිය හැකි බවයි.


මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදි විමසා ඇත්තේ ඔයා පක්ෂ නායකයෙක් ද යන්නයි. පක්ෂ නායකයෙක් නම් මීට වඩා වගකිමෙන් වැඩකලයුතු බවත් මෙලෙස කටයුතු කිරිමෙන් පක්ෂ නායකයෙක් යැයි නොපෙනෙන බවත් කියා ඇත. සභාපතිවරයා දිගින් දිගටම උස් හඩින් කියාගෙන යද්දි සජිත් ප්‍රේමදාස නායකයා එම අවස්රැථාවේදි ස්විමෙන් නැගිට ගොස් ඇත.

t

o

p