මේ දිනවල රටේ ජනතාව නිවාස තුළටම ගොනු වී සිටීම මත පන් ලක්ෂයක් පමණ වන නිවාස නොමැති සුනඛයන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇත.
මෙම අහේනිය අප රටේ ජනගහණයෙන් එදාවේල සරිකරගන්නා අති විශාල පිරිසකට ද බලපා ඇති අතර එම ගැටළු විසඳීම පිණිස වන තිරසාර යාන්ත‍්‍රණයක් මෙතෙක් කි‍්‍රයාවට නැංවී ඇති බවක් පෙනෙන්නට නැත.
එහෙත් අප රටේ ජනගහණයෙන් සැළකිය යුතු පිරිසක් දැඩි පීඩාකාරී තත්වයකට පත්ව සිටින පසුබිමක් තුළ අප සමාජයේම තවත් කොටසක් ඔවුන් අමතක කොට නිවාස නොමැති සුනඛයන් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් සමාජමය විවේචනයක් ද එල්ල වෙමින් තිබේ.
එහෙත් එ් චෝදනාවන්ට අසරණ සුනඛාදී සතුන් වෙනුවෙන් පෙනී සිටින්නවුන් පවසා සිටිනුයේ කුසගින්න මිනිස් තිරිසන් සැමට එකසේ පොදු වූවක් බැවින් මෙවන් පසුබිමක් තුළ නිවාස නොමැති සුනඛයන් ද සුළු කොට තැකිය නොහැකි බවය.
එමෙන්ම තමන්ගේ මෙම කටයුතු සම්බන්ධයෙන් විවේචන එල්ල කරන්නවුන්ගෙන් බහුතරය එසේ පීඩාවට පත් ජන කොටස් සඳහා කිසිදු සහනයක්, පිහිටාධාරයක් නොදී තමන් කරන කටයුතු පමණක් ද්වේෂසහගතව හෙළා දකින්නවුන් බවට ද සත්ව ලෝලීන්, සත්ව අවිහිංසාවාදීන් යන සත්ව හිමිකම් සහ සුභසාධන කි‍්‍රයාකාරීහු ප‍්‍රතිචෝදනා එල්ල කරති.
කෙසේ වුවත් අප සමාජයේ ඇතැමුන් සුනඛයන් කෙරෙහි දක්වන මෙම විශේෂ ඇල්ම උනන්දුව තවත් සමහරකුගේ හැඳින්වීමට ලක්වනුයේ ‘බලූ පිස්සුව’ යනුවෙනි. බළලූන් ඇති කිරීම සම්බන්ධයෙන් මීටම ‘බළල් පිස්සුව’ යන නම ලැබී තිබේ.
එනිසාම එ් සම්බන්ධ කි‍්‍රයාකාරීන් ‘බලූ–බළල් පිස්සුව’ නමින් හැඳින්වෙන තත්වයන් පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක විස්තරයක් කරන ලෙස අප වෙතින් ඉල්ලා සිටි අවස්ථා බොහොමයකි. විශේෂයෙන් වෛද්‍ය උපාධි ඇතුළු වෙනත් උපාධි පාඨමාලා හදාරන විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසු සිසුවියෝ ද නිතර අප වෙතින් එසේ ඉල්ලීම් කරති.
අප ජන සමාජයේ ජීවත් වන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව සලකා බැලූව ද ඔවුන් දෙදෙනාගේ සිතුම් පැතුම් අතර යම් යම් විෂමතා තිබේ. සමාජයේ විවිධ පුද්ගලයන් තුළ ගෘහස්ථ සතුන් සම්බන්ධයෙන් පවත්නා රුචි අරුචිකම් ද එකිනෙකට වෙනස්ය.
අප සමාජයේ ඇතැමුන් සුනඛයන්ට සහ බළලූන්ට බෙහෙවින් ආදරය කරුණාව දක්වන අතර තවත් පිරිසකගේ කරුණාව ඉන් එක් වර්ගයකට පමණි. මේ අතර සුනඛයන් සහ බළලූන් අතිශයින්ම පිළිකුල් කරන්නෝ ද අප අතර සිටිති.
මේ කිසිම තත්වයක් මානසික රෝග වශයෙන් නොසැලකෙන මුත් විධිමත් මනෝ විශ්ලේෂණයක් මගින් එ් සඳහා ඉවහල් වන හේතු කාරණා නම් දැන ගත හැකිය.සුනඛාදි සතුන් සමග ලෙන්ගතු වීමේදී අපගේ පියුටරි ග්‍රන්ථියෙන් “සුරතල් හෝමෝනය” හෝ “ආදර හෝමෝනය” ලෙසින් හැදින්වෙන ඔක්සිටොසින්[oxytocin] නිකුත් වන අතර එය අපගේ කායික මානසික නිරෝගී තාවයට බෙහෙවින් ඉවහල් වන්නකි .
මෙහි අපූරත්වය වනුයේ එවිට එම සුනඛයා කෙරෙන්ද එම හෝමෝනය එපරිද්දෙන්ම නිකුත් වීමය
සුරතල් සතුන් කෙරෙහි ආදරයක් කරුණාවක් දක්වන්නවුන් අතර ද ප‍්‍රභේද කිහිපයක් සිටී. ඉන් එක් කොටසක් තමන් විසින් ඇති කරනු ලබන සුරතල් සුනඛයාට හෝ බළලාට පමණක් දැඩිව ආදරය කරන අතර සෙසු සතුන් කෙරෙහි කිසිදු තැකීමක් කරනු නොපෙනේ. මේ අතර තවත් පිරිසක් සුනඛයන් සහ බළලූන් වැඩි පිරිසකට තම ආදරය කරුණාව නොමඳව හිමිකර දෙමින් රැුක බලා ගන්නා මුත් ඉන් බැහැර සතුන් කෙරෙහි එවැනි ආදර කරුණාවක් නොදක්වති.
මේ අතර තමන් විසින් එක් සුනඛයකු බළලකු හෝ ඊට වැඩි පිරිසක් ඇති දැඩි කරන අතරේ ඊට අමතරව අසරණ සතුන් කෙරෙහි ආදරය කරුණාව පළකරන පිරිස් මෙන්ම තමන් විසින් පෞද්ගලිකව සුනඛයන් බළලූන් ඇති නොකරන නමුදු එවන් අසරණ සතුන් කෙරෙහි තම ආදරය කරුණාව පළ කරන්නෝ ද අප අතර දක්නට ලැබෙති. මීටත් අමතරව නිවාස නොමැති සුනඛාදී සතුන් යම් යම් ප‍්‍රමාණයක් සඳහා වරින් වර සහ නිතිපතා ආහාර සපයන පිරිස් ද සමාජයේ හිඟ නොවෙති.
මීටත් අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සෙසු සියලූ කටයුතු අමතක කොට අසරණ වූ සුනඛාදී සතුන් සිය ගණන් තමන් භාරයේම තබා ගනිමින් ඔවුන් නඩත්තු කරන සමාජයේ යම් පිළිගැනීම් සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද සමාජ ජාල ආදියෙන් අසන්නට දකින්නට ලැබේ. මෙවැන්නෝ ද ලොව සෑම සමාජයකම සිටිති.
නමුදු යමකුගේ කවර හෝ කි‍්‍රයාකාරකමක්, චර්යාවක් සඳහා කිනම් හෝ මානසික තත්ත්වයක් පදනම් වන අතර සතුන් කෙරෙහි පි‍්‍රයතාවයන් දැක්වීමට සේම ඔවුන් අපි‍්‍රය කිරීමට ද යම් යම් මානසිකත්වයන් ඉවහල් වෙයි. නමුත් එය ද මානසික රෝගයක් හෝ මානසික අර්බුදයක් නොවේ. හුදෙක් මානසිකත්වයක් පමණි.
සුනඛාදී අසරණ සතුන් කෙරෙහි විශේෂ ආදරයක් කරුණාවක් දක්වන සෑම අයකුම එ් සඳහා පොළඹවන ලද එක් හේතුවක් හෝ හේතු කිහිපයක් වුව තිබිය හැකිය. එය කුඩා කාලයේ සිටම හටගත් අසරණ සතුන් පිළිබඳ අනුකම්පා සහගත හැඟීම් වීමට ද පුළුවන.
එමෙන්ම තම ජීවිතයේ දී අත්දැකීමට ලැබුණු විවිධ ගැටළු අර්බුද හමුවේ තම ජීවිත රටාව වෙනතකට හරවා ගැනීමක් (diversion) වශයෙන් වීමට ද පුළුවන. එසේ නැති නම් හුදෙක් විනෝදාංශයක් ලෙස වීමට ද පුළුවන. එසේත් නොමැති නම් තමන් අත්විඳින මානසික ආතතිය පිටු දැකීමේ ක‍්‍රමෝපායක් (stress management technique) වශයෙන් සුනඛාදී සතුන් කෙරෙහි අසීමාන්තිකව යොමු වන්නෝ ද අප අතරේ හිඳිති.
වසර දහ අටක් තිස්සේ නව කැලණි විහාරයේ බිතු සිතුවම් සියල්ල විශිෂ්ට අයුරින් සිත්තම් කොට හමාර කළ සෝලියස් මෙන්ඩිස් නම් සුවිශේෂ චිත‍්‍ර ශිල්පියාට එම දැවැන්ත ආයාසය අවසානයේ අත්විඳීමට සිදුවූ දැඩි මානසික පීඩනය නිසා චිත‍්‍ර ශිල්පයෙන් සඳහටම සමුගත් ඔහු තමන් සතු නිවස ද ද්‍රශ්‍යාබාධ දරුවන් සඳහා ළමා නිවාසයකට පරිත්‍යාග කොට තම ජීවිතයේ සන්ධ්‍යා කාලය කුඩා පැල්පතක සුනඛ පිරිසක් ද සමඟ ගෙවා දැමූ බව ප‍්‍රසිද්ධ කරුණකි. එහෙත් ඔහු එ් කාලයේදී ද ඉතා යහපත් කායික මානසික සෞඛ්‍යයකින් පසු වූ බවට තොරතුරු තිබේ.
ඒ අනුව අප සමාජයේ ‘බලූ පිස්සුව–බළල් පිස්සුව’ නමින් හඳුන්වන තත්වයන් පමණක් කිසිදු මානසික රෝගයක් හෝ මානසික රෝග ලක්ෂණයක් වශයෙන් සැලකිය නොහැකි බව විශේෂයෙන් කිව යුතුය. එහෙත් එසේ අසරණ සතුන් වෙත සුවිසල් ඇල්මක් පළ කරන අතරේ වුව යමකු සිතුම් පැතුම්, කතා බහ, හැසිරීම් ආදිය මගින් යම් විෂමතාවයක් පළ කරන්නේ නම් පමණක් එ් මුල් කොට ඔහු මනෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට මනෝ වෛද්‍යවරුන්ට පුලූවන.
නමුත් ඒ එම තැනැත්තා හෝ තැනැත්තිය තුළ පවත්නා සත්ව ලෝලීත්වය හෝ අසරණ සතුන් කෙරෙහි දක්වන ආදරය කරුණාව මුල් කොට නොවේ. මක් නිසාද යත් මානසික රෝග සහ අර්බුද යනු සත්ව ලෝලීන් නොවන්නවුන්ට පමණක් සීමා වූ තත්වයක් නොවන බැවිනි.
එ අනුව මේ සටහන නිම කළ යුත්තේ ‘බලූ බළල් පිස්සුව’ යනු කිසිදු පදනමක් නොමැති හිස් ප‍්‍රලාපයක් බව නැවතත් කියමිනි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ශික්ෂණ රෝහල කරාපිටිය, ගාල්ල
තිලක් සේනාසිංහ