ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

March 26, 2020

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 වන සිකුරාදා පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

t

o

p