සර්වපාක්ෂික සමුළුවක් කැදවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු පක්ෂ විසින් කර ඇති ඉල්ලීමට දිනයක් නාමයෝජනා බාරදීමෙන් පසු ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) හිටපු කතානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී ඇත .
පක්ෂ විසින් කර ඇති ඉල්ලීම ගැන කතානායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් කල විමසීමේදී ඔහු මේ බව කියා තිබේ .
නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් 19 වයිරසය ව්‍යප්ත වීම වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම සියලු පක්ෂ නායකයින් කැදවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම සාකච්ජාව පැවැත්විමට මැදිහත් වන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ඉල්ලීම කර තිබුනි .
මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් කල විමසීමේදී ඔහු කියා ඇත්තේ නාම යොජනා බාරදීමට ප්‍රථම එවැනි හමුවක් පැවැත්විය නොහැකි බවයි.අවශ්‍ය නම් නාමයෝජනා බාරදීමෙන් පසු හමුවිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ .
රටේ ජනතාව ව්‍යසනයකට මුහුණ දී ඇති අවස්ථාවක මෙලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම ගැන බොහෝ දෙනෙක් කණගාටුව පල කර ඇත. මිනිස්සු මැරුනත් මෙයලාට ලොකු බලය තහවුරු කරගැනීම යැයි මධ්‍යස්ථ දේශපාලන නියොජිතයන් පවසයි .