දරුවෙකු පැහැරගන්න ආ විදේශිකයන් කොටුවෙයි

March 8, 2020

අවුරුදු 10ක් වයසැති ළමයෙකු පැහැර ගෙන යාමට තැත් කළ විදේශීය ජාතිකයින් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ පිහිටි සතිපොළක් ආසන්නයේදී මෙම සිදුවිම සිදුව ඇති බවයි වාර්තා වුනේ.

මෙම කුඩා දරුවා ඔහුගේ බාප්පා සමග සතිපොලට පැමිණ ඇති අතර එහිදී එකවර පැමිණි වෑන් රථයක සිටි පිරිසක් මෙම දරුවා පැහැර ගැනීමට උත්සහ කර තිබෙනවා. එහිදී දරුවාගේ බාප්පා එම පිරිස සමග පොර බැද දරුවා බේරා ගෙන ඇති අතර පසුව කටුගස්තොට පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

t

o

p