කුවේට් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07 ක් සමග ගුවන් සබඳතා අත්හිටුවයි

March 7, 2020

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07 ක් සමග සියලු ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසයේ අවදානමෙන් ගැලවීම සඳහා මෙවැනි දැඩි පියවරක් ගැනීමට සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මෙම තීරණය අද (07) සිට සතියක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව යන රටවල් සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

t

o

p