කොරෝනා වෛරසය මුළුමනින්ම පරාජය කරනවා – චීන ජනපති

February 11, 2020

කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට චීන ජනාධිපති සී ජින්පින් නැවතත් අවධාරණය කරයි.

ඒ බෙයිජිං නුවර කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත කළ සංචාරයක් අතරතුරදීයි.

චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං නුවර රෝහලක් වෙත පැමිණියේය.

ඒ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදීමට එක්ව සිටින සෞඛ්‍ය අංශ කාර්යමණ්ඩලයක් හමුවීම සදහායි.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමටත් නිලධාරීන් කටයුතු කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ,වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම, වෛරස මාරයා නිසැකවම ජයග්‍රහණය නොලබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

චීනය පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වෛරස ආසාදනයෙන් දැනට සිදුව ඇති මරණ සංඛ්‍යාව දහස ඉක්මවාගොස් තිබේ.

වෛරසය රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ආරම්භවීමත් සමගින් වඩාත් නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන හුබෙයි පලාතේ වූහාන්  නගරය වෙත ගොස් නොමැත.

වෛරස ව්‍යාප්තිය උග්‍රවීමත් සමගින් වසාදැමුණු වූහාන් නගරය අදටත් විවෘතකර නොමැති අතර දින 20කට ආසන්න කාලයක් පුරාවට එහි වෙසෙන මිලියන 11 ක් ඉක්මවූ ජනතාව දැඩි සේ අපහසුතාවට පත්ව සිටියි.

t

o

p