වැවිලි සේවා නියුක්තිකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් ලෙස මාර්තු පළමු වැනිදා සිට බලාත්මකයි

February 6, 2020

වැවිලි ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් ලෙස මාර්තු පළමු වැනිදා සිට බලාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගෙන් වාචික ප්‍රශ්න ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති  අවස්ථාව යටතේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කීවේය.

ජනාධිපහිතුමාගේ සෞභාග්‍ය‍යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කාරණා ක්‍රියාවට නංවමින් මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන බවද   අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය . මීට අදාළ කැබිනට් පත්‍රිකාවට ඉකුත් ජනවාරි මස 14 වැනිදා අනුමැතිය හිමිව තිබේ.

t

o

p