එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය (30) රැස්වෙයි

January 29, 2020

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන බ්‍රහස්පතින්දා (30) රැස්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය ඉඉකුත් දෙසැම්බර් මස 31 දායින් අවසන් විය.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , උපනායක රවි කරුණානායක , ජාතික සංවිධායක නවීන් දිසානායක , මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කෙරිනි .

එක්සත් ජාතික පක්ෂ නායක ලෙස  රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරිමට ත්, අග්‍රාමාත්‍ය අපේක්ෂක සහ මැතිවරණයට මුහුණ් දෙන සංධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරිමට ත් මේ වන විට එකගතාවය ක් ඇතිවී තිබෙන බවත් පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි .
මේ අතර පක්ෂ විනය උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට තීරණය කර ඇත .

t

o

p