අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා

January 28, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු‍න්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ලබන පෙබරවාරි මස  05 වැනිදා සිදු කිරීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරු‍න්  අසන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වේ. ඒ සදහා එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර තිබේ.  

පෙබරවාරි මස  05 වැනිදා සිට 07 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට පසුගිය 24 වැනිදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

ඒ අනුව පෙබරවාරි 05 වන බදාදා මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත. එදින පස්වරු 6.30  සිට රාත්‍රී 7.30 දක්වා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

පෙබරවාරි 06 ‍වැනිදා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.

t

o

p