කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් පළදින්න

January 27, 2020

කොළඹට පැමිණෙන සියලුම ජනතාවට කොරෝනා වෛරසය හේතුවෙන් මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසීම හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කරන අතර කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් ඔහු උපදෙස් ලබා දෙමින් දන්වා සිටී.

t

o

p