පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

January 23, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම නිසා මේ වන විට අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

මේ බව දන්වා ඇත්තේ 1988 අංක 35 දරණ ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව බවද මහලේකම්වරයා සිය ලිපියේ  තවදුරටත් සඳහන් කර තිබේ.

t

o

p