ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

January 23, 2020

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා ජනවාරි 20 වනදා සිට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඉල්ලා අස්වී තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මහලේකම්වරයා විසින් ජයම්පතී වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සභාගත කරන ලදී.  එහි සඳහන් වූයේ තමා මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාව තුළ තමන් වෙත දැක්වූ සහයෝගය පිලිබඳ පාර්ලිමේන්තු මහලේකම් වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන බවයි.

t

o

p