පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

January 22, 2020

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

මේ වන විට ඇතැම් පිරිස් විසින් දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු.

විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින යම් කණ්ඩායම් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් කිසිදු අවබොධයකින් තොරව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් එම පිරිස් අනුගමනය කරන ජනතාව තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සහ මිත්‍යා සහගත චිත්‍රයක් තම මනසේ නිර්මාණය කර ගැනීමේ භයානක තත්වයක් පවතී. 

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන බව නොරහසකි. එවැනි තත්වයක් තුළ පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීම තහනම් යැයි යම් ප්‍රධාන මුද්‍රිත හා යම් විද්‍යුත් නාලිකා කිහිපයකින් ජනතාව වෙත හුවා දැක්වීමට මේ දිනවල ඉතා විශාල වෙහෙසක් දරනු බවක් පෙනී යයි.

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙන අතර ජනතාව අනිසි ලෙස බියවැද්දවීම් සිදුනොකරන ලෙසට සියලුම ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

t

o

p