ඉන්දීය මැතිවරණයේ තීරණාත්මක දිනයක්

April 17, 2014

india_elections

ප්‍රාන්ත රාශියකම ඡන්ද විමසීම් යෙදී ඇති අද, බ්‍රහස්පතින්දා දිනය ඉන්දීය මහ මැතිවරණයේ තීරණාත්මක දින කීපයෙන් එකකි.

ප්‍රාන්ත කීපයකට අයත් ඡන්ද කොට්ඨාශ එකසිය විසි එකක මැතිවරණ කටයුතු අද පෙරට යමින් තිබුණි.

සති පහක පමණ කාලයක් පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ අද දිනය ඉදිරි ජයග්‍රහණය තීන්දු වීම අතින් ඉතාම තීරණාත්මක දිනයක් වන බව විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

මෙම මහ මැතිවරණය වර්ජනය කරන මෙන් ඉන්දීය මාඕවාදීන් විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති අතර ඇතැම් පලාත්වලින් වරින්වර සිදු කෙරුණ ප්‍රචණ්ඩ ප්‍රහාර පිළිබඳව වාර්තා වී ඇත.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී පාලක කොංග්‍රස් පක්ෂය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල කෙරෙන දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටියි.

නියමිත කාල සටහන අනුව මෙම මැතිවරණය නිම වෙන්නේ මැයි මාසයේ දොළොස් වෙනි දිනයි.

Courtesy: bbc.co.uk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p