අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

January 9, 2020

ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළාය.

පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.

‘‘මෙරට ළමයින් අඩු වයසින් විවහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සඳහා විවහ වීමේ කෙටුම්පතක් අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එම පනතට අනුව විවහ වීමේ අවම වයස පහත ලෙස සඳහන් වන අතර එය ගැසට් නිවේදනයේ පළ කර තිබේ.

මෙම  පනත බලාත්මක වීමෙන් අනතුරුව සිදුකරනු ලබන කිසිඳු විවාහයක් එකී විවාහයකට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ නොමැති නම් වලංගු නොවිය යුතුය.

එමෙන්ම වයස , ජාතිය , ආගම , භාෂාව , කුලය , ස්ත්‍රී පුරුෂභාවය , දේශපාලන  මතය , උපන් ස්ථානය වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු වී ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අඩු වයසින් සිදු කරන විවාහය හේතු කොටගෙන ළමයින් ලිංගික අපයෝජනය ඇතුළුව ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම දැක්වීම සඳහා මෙම පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිර තිබේ.

t

o

p