ජපානයෙන් මැදපෙරදිගට යුද නෞකා යවන්න තීරණයක්

December 29, 2019

මැදපෙරදිග කලාපය වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපාන රජය තීරණය කර ඇත.

ලෝක සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 90කට වඩා වැඩි කොටසකට හිමිකම්  කියන මැදපෙරදිග කලාපය නිරන්තරයෙන් යුද ගැටුම්වලට මුහුණ දෙයි.

මේ හේතුවෙන් අදාළ කලාපයේ ක්‍රියාත්මක සිය වෙළෙද නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඒ වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපානය තීරණය කර ඇත.

මෙහිදී ගල්ෆ් කලාපයට අයත් හෝමූස් සමුද්‍ර සන්ධිය හැර සෙසු සාගර කලාප සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

t

o

p