දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද (24) දිනයේදී ලබාදීමට නියමිතව තිබේ.
2016 වසරේ සිදුවූ රිය අනතුරකට අදාළව පසුගිය 18 වනදා රාත්‍රියේදී චම්පික රණවක මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගනු ලැබුණු අතර එදින රාත්‍රියේදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලදුව පසුදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.