ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා විසඳුම්

December 21, 2019

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී.

ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් උපදෙස් ලබාදී ඇති අතර, මෙම සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23, 24, 26,27 සහ 28 දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

t

o

p