අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

December 20, 2019

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ.

මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා රජය විසින් සකස් කර ඇති තවත් ක්‍රියාකාරකම් කිහිපයක් මෙම ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි දක්වා ඇත. ඒවා පහතින් දැක්වේ.

• රාජ්‍ය සේවයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා දීර්ඝ කාලීන මානව සම්පත් සැලැස්මක් පිළියෙල කෙරේ.
• ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නව ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
• රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා සහ බැංකු සේවයේ සියලුම ආයතනවල සත්භාවයෙන් යුක්තව රාජකාරියේ යෙදෙන රාජ්‍ය නිලධාරීන්ට මුක්තිය හිමි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ඇති කිරීම.
• රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියා අහිමි වන අවස්ථාවක දී නැවත රැකියාවක් සොයා ගන්නා තෙල් මාසික දීමනා රක්ෂණ ක්‍රමයක ඇති කිරීම.
• පළාත් පාලන සේවයේ ඇතුළු රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවලට අයත් සේවකයන් වෙනුවෙන් සනීපාරක්ෂක දීමනාවක් ලබා දීම.
• වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රමාදයකින් තොරව විශ්‍රාම වැටුප ලබා දීම. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෙකු රාජකාරී කාලය තුළ මියගිය විට වැන්දඹුවට සේවකයා විසින් වැටුප් ගෙවීම අනිවාර්යය කිරීමට නීති හඳුන්වා දේ.
• අවශ්‍ය සේවාවන් සඳහා නව සේවා ව්‍යවස්ථා හඳුන්වාදේ.
• වැටුප් හා විශ්‍රාම වැටුප්වල පවතින විෂමතා ඉවත් කිරීම සඳහා වෙනම කොමිෂමක් පත් කෙරේ.
• රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කාර ක්‍රියාවලියක් හඳුන්වා දේ.
• රාජ්‍ය අංශයේ සේවක අර්ථසාධක අරමුදලට අමතරව විශේෂ දායකත්වය විශ්‍රාම වැටුපක් අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට හඳුන්වා දේ.
• විශ්‍රාමික පාරිතෝෂිකය මත අය කරන බදු අඩු කෙරේ.

t

o

p