විරෝධතාවලට වෙඩි -5 දෙනෙක් මරුට

December 18, 2019

සංශෝධිත පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවලට පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බව කියන 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවත් 2,000කට වැඩි පිරිසක් පොලිස් රැඳවුම් භාරයේ සිටින බවත් ඇසෑම් ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කළේය.

t

o

p