කටුනායක ගුවන්තොටුපලේ මගීන්ගේ පහසුව සදහා පිවිසුම් පරියන්තයේ සිට පිටවීමේ පරියන්තය දක්වා නව බස් රථ සේවාවක් ඇරඹෙයි. විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස පරිදි මෙම නව බස් රථ සේවාව ආරම්භ කෙරිණි.
කටුනායක ගුවන්තොටුපලේ පිවිසුම් පරියන්තය දක්වා බස් රථ මෙතෙක් ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා ගුවන් මගීන්ට විවිධ සුෂ්කරතාවයට පුහුණ පැමට සිදුව තිබුනි.අද (29) නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රසන්න රණතුංග මහතා වහාම මෙම බස් රථ සේවය ආරම්භ කරන ලෙස උපදෙස් දුන් අතර ඒ මොහොතේම බස් රථ සේවාව ආරම්භ කිරීමට ගුවන්තොටුපල බලධාරී හූ කටයුතු කලහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇත්තේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 06 ක් මෙහෙයවීමේ පහසුකම පමණි. මේ වන විට එය මිලියන 12 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊට ගැලපෙන පරිදි කටයුනායක ගුවන්තොටුපලේ පහසුකම් නැන්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කටයුතු කලද, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒවා අතර මග නතර කර දමා තිබූ බවද රණතුංග මහතා මෙහිදි කීවේය.
වහාම එම ව්‍යාපෘතිය ආරම්භ නැවත ආරම්භ කරන ලෙසත් කඩිනමින් ඒවා අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා ගුවන්තොටුපල බලධාරීන්ට මෙහිදි උපදෙස් දුන්නේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපලේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදි බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පත්වීම් 200 කට ආසනන් සංඛ්‍යාවක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ලබා දී ඇතැයිද මෙහිදි අනාවරණය විය.