නව රජයෙන් බදු සහන

November 29, 2019

උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ  සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප‍්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට  හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය.

ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත්  අමාත්‍යවරයා පැවැසීය.

වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

t

o

p