ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරයි

October 29, 2019

ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව “අදුරු යුගය නිසැකවම නිමාකරන අදිටන” තේමාව යටතේ සංවිධානය කළ විශේෂ සැමරුමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දි පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගි වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස සමඟ එක්ව පහන් දල්වා ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරිමට ගත් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය සිහපත් කළේය.

එම අවස්ථාවට මහ සංඝරත්නය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය ජයන්පති වික්‍රමරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් මෙන්ම සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති නියෝජිතයින් හා කලාකරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p