නාවික හමුදාව වසරේදී ඇල්ලූ K G ප්‍රමාණය ටොන් 3යි

October 20, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරේ මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සහ තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේදී පිළිවෙලින් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 221 ක් හා කිලෝ ග්‍රෑම් 164 ක ප්‍රමාණයක් 2019 ඔක්තෝබර් මස 19 දින අත්අඩංගුවට ගත් අතර, මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2019 වර්ෂය තුලදී මේ වන විට කේරල ගංජා ටොන් 03 කුත් කිලෝ ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා 105 කදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම් වලදී ඒවාට සම්බන්ධ පුද්ගලයින් හා යාත්‍රාද අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

t

o

p