2013 අය-වැයෙන් සියලු ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගෙන තිබෙනවා

April 8, 2014

Sarath Amunugama mpපසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 7.3%ක් බවත් 2013 අය-වැයෙන් සියලු ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගෙන ඇති අතර මධ්‍යම ශ්‍රේණියේ ආර්ථික වේගයක් මේ රටේ ඇති කරන්න කටයුතු කරන බවත් අද හොඳම වෙළෙඳනාමය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා අද (08) මේ බව පැවසුවේ පනත් කෙටුම්පත් 05ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමිනි. එකතු කළ අගය මත බදු පනත, දේශීය ආදායම් පනත, ජාතිය ගොඩනැඟීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත හා විදුලි සංදේශ බදු පනත එම පනත් 05 වේ.

ජාතිය ගොඩනැඟීමේ බද්දෙන් නිදහස් කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි කර ඇත. එසේම ආර්ථික සේවා ගාස්තුවල කාලසීමාවේ වෙනසක් ද දේශීය ආදායම් පනත හා සම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කෙරේ. විදුලි සංදේශ බදු දැනට පවත්නා 20% සිට 25% දක්වා සංශෝධනය කිරීමටත් එකතු කළ අගය මත බදුවලින් අපද්‍රව්‍ය බැහැර කරන ගලිබවුසර, ට්‍රැක්ටර්, විදුලි සංදේශ කර්මාන්තවල යටිතල පහසුකම් සඳහා යොදා ගන්නා තඹ කම්බි වැනි දේ සඳහා සහන සැලසීමටත් කටයුතු කරනු ඇත. දේශීය ආදායම් පනත අනුව මේ රටේ වෘත්තිකයන්, සේවා නියුක්තිකයන් ගෙවිය යුතු බදු අය වැය ලේඛනයේ පරිදි සහනයක් සැලසීමටත් ක්‍රියාකරන බව අමාත්‍යවරය පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ ආර්ථික වර්ධනය සාර්ථක වසරකි. ආසියා සංවර්ධන බැංකුවේ Asia development outlookහි ලංකාවේ ආර්ථික වර්ධන වේගය ආසියානු කලාපයේ ඉහළම මට්ටමට ඇවිත් ඇතැයි පෙන්වා දී තිබේ.

2010 සිට 2013 දක්වා හැම වසරේම දළ දේශීය නිෂ්පාදනයේ සාර්ථකත්වය අනුව ආර්ථික වර්ධන වේගය තව තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කරන ලද නිරීක්ෂණ අනුව අද ලොවම මේ වාර්තා පිළිගෙන තිබේ. ඩේලි එෆ්ටී වාර්තා අනුව 2013දී මෙරට ආර්ථික කළමනාකාරිත්වය ඉහළ මට්ටමකට පැමිණ ඇත. කෘෂිකර්මය 4.7%ක්, කර්මාන්ත 9.9%ක්, සේවා 6.4%ක් ලෙස වර්ධනය වී ඇතැයි ද අමුණුගම මහතා පවසයි.

සේවා වියුක්තිය පහළ ගොස් ඇත. එය 4.6%ක මට්ටමක පවතී. උපාධියට රුකියා දුන්නත් 8 සමත් හා O/L සමත් රැකියා අපේක්ෂකයන් සිටිති. ඔවුන්ට පුහුණු ශ්‍රමය සහිත රැකියා ලබා දෙන්න අපේක්ෂිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Courtesy: sinhala.news.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p