LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා අත්අඩංගුවට

April 8, 2014

Perinbanayagam Sivaparan alias Nediyavan

Perinbanayagam Sivaparan alias Nediyavan

LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා ලෙස සැලකෙන කපිලන් නන්දගෝපන් සති 3කට ඉහතදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින  බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

කපිලන් නන්දගෝපන් නමැත්තා මැලේසියාවේ සිට ලන්ඩනය බලා ගමන් කිරීමට සූදානමින් සිටියදී මීට මාස 6ට ඉහත දී ක්වාලාම්පූර් ගුවන්තොටුපළේ දී එරට ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව එරට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් සංචාරය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.  අනතුරුව එරට අධිකරණ නියෝග පිට ශ්‍රී ලංකාවට පිටමං කොට ඇත.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p