පාකිස්තානයට ක්‍රිකට් වසන්තය උදාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රශංසා

September 26, 2019

වසර 2009 ලාහෝර් නුවරදී එවකට පාකිස්තාන සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව දැඩි ආරක්ෂක රැකවල් මැද පාකිස්තානයට සේන්දු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවරදී එරට ක්‍රිකට් සභාපති එහ්සාන් මානි ඇතුළු නිලධාරීන් පිරිසක් උණුසුම් අයුරින් පිළිගත්තේය.

එම ප්‍රහාරයෙන් පසුව දැඩි පසුබෑමකට ලක්වූ පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ක්‍රිකට් ආයතනයට ස්තූතිය පිරි නමන බව ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිගත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

t

o

p