සජිත් ප්‍රේමදාසගෙන් ඇරයුම්

September 25, 2019

පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ඇරයුම්…!!!

විවිධ මතවාදයන් නිසා  එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්ඡා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.!!

t

o

p