දිල්රුක්ෂි ඩයස් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

September 23, 2019

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මේක වුණේ කියලා අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන

ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරණ නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ.

                                                                        අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළකළේ ලක්ෂ 5000  ක මුදලක් වැය කරමින් මහල් තුනකින් යුතුව ඉදි කිරීමට පුගොඩ නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනි.

එතුමිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරීනියක් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ තිබුණට.ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඉල්ලීමක් කරලා තියෙනවා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා නීතිපතිවරයාගෙන්.ඒක නීතිපති වරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුයි.

ප්‍රශ්නය-ඇයගේ දුරකථන සංවාදයේ දී රජයේ ඇමතිවරයෙක් බලපෑම් කළ කියලා කියවෙනවා.

පිළිතුර-ඇමතිවරයාත් කවුද කියලා කියන්න ඕන.හෙලි කරන්න ඕන.එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මෙක වුණේ කියලා එතුමිය අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන.

මමත් කියන්නේ ඇමතිවරයා හෙලි කරන්න කියලා.මොකද අපි ඒවාට කිසිම කෙනෙකුට උදවු උපකාර කරන්නේ නැහැ.අපි ඒ වගේ දේවල් ඒ වගේ නිලධාරීනියකගෙන් බලාපොරාත්තු වෙන්නේත් නැහැ.අනිවාර්යයෙන්ම එහෙම සම්බන්ධයක් තුළ මේක වුණා නම් ඇමතිවරයාත් හෙළි කිරීම එතුමියගේ වගකීමක් .හැබැයි ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරන නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

t

o

p