තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධීයි

September 7, 2019

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පිහිටුවා තිබෙන ඔබ අධිකාරියේ නිසි අවසරයකින් තොරව ප්‍රීමා ලංකා සමාගම විසින් තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇත.

2016 ජූලි  මස 14 වන දින නිකුත් කොට ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කොට තිබෙන තිරිගු පිටි සදහා මිල වැඩි කිරීම සදහා උක්ත පනතේ 18(2) වගන්තියට අනුව  ඔබ අධිකාරියේ අවසරය ලබා ගත යුතු වුවද එසේ අවසරයක් ලබා නොගෙන තිරිගුපිටි වැඩි කිරීම නීති විරෝධී වන බැවින් අදාල සමාගමට විරැද්ධව නීතිමය ප්‍රීමා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

t

o

p