නවසීලන්ත-ශ්‍රී ලංකා දෙවෙනි 20/20 තරගය අද

September 3, 2019

නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (03) සවස 7.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග විසින් මෙහෙය වන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නේ ග්‍රාන්ට් සවුති විසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු පන්දුවාර 20/20 තරගයක් ජයග්‍රහණය කර නැත.

t

o

p