අගමැති බ්‍රිතාන්‍ය නව අගමැතිට සුබ පැතුම් එක් කරයි

July 25, 2019

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධූරයට පත් බොරිස් ජොන්සන් මහතා වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභාශිංසන පණිවුඩයක් යවා ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ඉතා සමීප ඓතිහාසික සබඳතා මෙන්ම සහයෝගීතාවන් පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රාජකාරී අරඹන බොරිස් ජොන්සන් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම සුභපැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළ සහ සංචාරක පැමිණීම් අතින් ගත්කල තෙවැනි විශාලතම රාජ්‍යය වන එක්සත් රාජධානිය, ආර්ථික සහකරුවෙකු වශයෙන් ද අපට ඉතා වැදගත් වන බව පවසන අග්‍රාමාත්‍යවරයා, නව අග්‍රාමාත්‍යතුමාගේ විශිෂ්ඨ නායකත්වය යටතේ දෙරට අතර පවත්නා සබඳතා වඩා ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළකර සිටී.

දෙපාර්ශවයේම යහපත සහ සමෘද්ධිය පතා දෙරට විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා සහ සහයෝගීතාවන් වෙනුවෙන් තම ආණ්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලාංකික ප්‍රජාව කැපවීමෙන් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරන වික්‍රමසිංහ මහතා, නොබෝ දිනක දී එතුමා හමුවීමට බලාපොරොත්තු වෙන බව ද එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

t

o

p