ගාලු වරායට යමින් තිබු නෞකාවක් රූමස්සල කන්දේ ගැටෙයි

July 19, 2019

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති  නෞකාව  අද (19) උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිර වී තිබෙන අයුරු දැකිය හැකිය.

ගාල්ල  රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද මෙම නෞකාව  ගාලු වරායට පිටත වරායේ නැංගුරම් යොදා නවතා තිබී ඇති අතර මුහුදේ තිබු රළු වීම  නිසා නැංගුරම් වලින් බිදී එහි සිටි නාවිකයින්ද සමග ඊයේ ( 18)  සවස ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච්  මුහුදු තීරයට ගසාගෙන ගොස් තිබිණි. අනතුරුව  උණවටුන සාම චෛත්‍යය පාමුල ගල් පරයක් අසල සිරවී තිබුනේ මෙසේය.
 
එහි සේවක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු මහවැසි නොතකා රූමස්සල ප්‍රදේශවාසීන්ගේ සහයෙන්  කඹ යොදාගනිමින් බේරාගෙන තිබු අතර පසුව පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මැදිහත්ව ඉතිරි පිරිස බේරා ගැනීමට සමත් විය.
 
නෞකාවේ  ආරක්ෂාව සදහා නාවික හමුදා නිලධාරීන් යොදවා  ඇත.මුහුදේ තත්වය සාමාන්‍ය අතට හැරුණු වහාම නවුකාවට කළ යුත්තේ කුමක්දැයි තීරණයකට එළබෙන බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.
 
මේවන විටත් ජංගල් බීච් වෙරළ තීරය අසල මුහුද ප්‍රචණ්ඩකාරී තත්වයක පවතින බව  ප්‍රදේශවාසීහු පවසති

t

o

p