කළු සහ කැළණි යන ගංඟා ජල මට්ටම් ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. කැළණි ගඟ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.
මේ අතර ලක්‍ෂපාන, කැනියොන්, නෝර්ට්න්, ඉහළ කොත්මලේ සහ කුකුළේ ගඟ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ පිළිබද පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගේ ඉල්ලා සිටියි.
මේ අතර දිස්ති‍්‍රක් හතකට නිකුත් කළ නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මක බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.
මේ අතර අධික වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසක ගස් කඩාවැටීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.