තව්හිද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

July 15, 2019

රක්ෂිත බන්ධනාගාරයේ සිටි ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළාය.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවැයි කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව ඔහුට ඇප ලබා දීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර තිබු ලිපියක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  නියෝග කළාය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ දර්ශන සහ සංයුක්ත තැටි ලඟ තබා ගැනීමේ චෝදනාවට මොහු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

t

o

p